“නඩුව ප්‍රමාද කළේ විත්තිය නොව පැමිණිල්ල” – පාඨලී නඩුවේ මූලික විරෝධතාවය විභාගයට. – 29.07.2026

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ ඊයේ (28) කැඳවනු ලැබීය. අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස මෝටර් රථයක් ධාවනය කරමින් සංදීප් සම්පත් නමැති පුද්ගලයාට තුවාල සිදු කිරීම, අනතුරෙන් පසු ඔහු රෝහලට ඇතුළත් නොකිරීම...