ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් පසුගිය දින (10) කොළඹදී පැවැත්විණි. එහිදී අනාවරණය වූයේ, මෙම ජාතික මෙහෙයුම ආරම්භ වීමෙන් පසු පුනරුත්ථාපන කාර්යාංශය වෙත ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය සඳහා යොමුවන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 28%කින් ඉහළ ගොස් ඇති බවයි. මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදීමට සහාය අවශ්‍ය පුද්ගලයින්ට 076...

