2014, 2016, 2017, 2018, 2019 සහ 2024 වසරවල ආරම්භ කර විවිධ හේතුන් මත නවතා දමා තිබූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 25ක් යළි ආරම්භ කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇත. මෙම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 76,000ක ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් කර ඇති අතර ජනතාවට ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක්...

