ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ‘සමුද්‍රවිජය’ නමින් අධිකාරියට පත් කිරීමේ අවස්ථාව අද (04) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්ත පරිශ්‍රයේදී පවත්වන ලද්දේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේද සහභාගීත්වයෙනි. ඔහු පැවසූයේ මෙම...

