ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ නාමයෙන් සෑම දිස්ත්‍රික්කයකටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් “දිස්ත්‍රික් සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරීන්” ලෙස පත් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය,සාමාන්‍ය පරිපාලන තීරණයකට වඩා ගැඹුරු දේශපාලන සහ ව්‍යවස්ථාමය ප්‍රශ්න මතු කරන කාරණාවකි. දිනන දකුණ ලෙස අප විශ්වාස කරන්නේ, ශක්තිමත් රාජ්‍යයක් යනු සෑම ප්‍රශ්නයකටම දේශපාලනඥයෙකු පත් කරන රාජ්‍යයක් නොවන...

