2026 අයවැයෙන් “ප්‍රජා ශක්ති” දිළිඳුකම අවසන් කිරීමේ ජාතික ව්‍යාපාරය සඳහා වෙන් කළ රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදනවලින් මේ වන විට රුපියල් මිලියන 23,000ක ව්‍යාපෘති අනුමත කර දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර තිබේ. ජීවනෝපාය සංවර්ධනය, නිෂ්පාදන ආර්ථිකය සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව ප්‍රජා සංවර්ධන සභා මගින් ප්‍රමුඛතාගත කළ ව්‍යාපෘති සඳහා මෙම මුල්‍ය ප්‍රතිපාදන...

