නෙදර්ලන්ත තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්. – 24.04.2026

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බොර් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර සුහද හමුවක් ඊයේ (23) දින පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. එම හමුවේදී, දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පෑමෙන් පසුවද නිදහස් හා සාධාරණ මැතිවරණ තුනක් පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් තානාපතිවරයාගේ අගය කිරීම...