හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 91 වන වියේ පසුවී තිබුණා.

ඇය මේ වනවිට ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද තිබෙන අතර ඇය ගෙවුණු දශක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය දක්වා තිබෙනවා.