වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක් මඟින් තම දරුවාට අපහාසයක් සිදුව ඇති බවට සඳහන් කරමින් අමාත්‍යවරයා මෙලෙස අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

අදාළ ප්‍රකාශයෙන් අනතුරුව තම දරුවාට එරෙහිව සමාජ මාධ්‍යවල සටහන් පළවීම සම්බන්ධයෙන්ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය හමුවේ පැමිණිලි ඉදිරිපත් කර ඇත.