අමාත්‍ය බන්දුල ගුණවර්ධන

බොරු කියලා බලය ලබා ගත්තොත් ඒ තුළින් රටේ ජනතාවටවත්, අනාගතයේ උපදින දරුවන්ටවත් වගතුවක්, යහපතක් සිද්ධ වෙන්නේ නෑ. දැන් සමහර නායකයෝ ගම්බද ජනතාවගේ පාසලට ඇවිල්ලා සුහුරු පන්ති කාමරයක් කියලා මිලියනයක් දීලා ඒ ආදර්ශය අරන් ලංකාව හදනවා කියලා කියනවා. මේක ඉතාම නොදියුණු ප්‍රාථමික ගෝත්‍රික වැඩසටහනක්.

අපි දරුවන්ගේ අනාගතයට අවශ්‍ය කරන පරිගණක පිළිබඳ තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීම සඳහා පරිගණක 40කින් යුක්ත පරිගණක විද්‍යාගාරයක්. පරිගණක 20ක් සහිත විදේශ භාෂාවන් සඳහා භාෂාගාරයක්, එක් පරිගණකයක් සහිත ගණිතාගාරයක්. දුරස්ථ අධ්‍යාපනය සඳහා, දුරස්ථ අධ්‍යාපන ඒකකයක් සහිත මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 1000ක් ලංකාව පුරා ඇති කළා. හැබැයි මම ඒ පාසලට ඇවිල්ලා කතාවක් පවත්වලා මේ එක එක විවෘත කරන්න ගියානම් රැස්වීම් දාහක් තියන්න වෙනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>