ශ්‍රී ලංකාවට බලශක්ති අර්බුදය ජයගැනීමට රුසියානු රජය සූදානම් බව එරට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රමන් මර්ශාවින් මහතා ප්‍රකාශ කරන ලද්දේ මොස්කව් නුවර පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
මෙම සාකච්ඡාවට එක්වූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාය. දෙපාර්ශ්වය අතර පැවැති විවාදයේදී බලශක්ති අර්බුදය, දිගුකාලීන මිතුදම, ආනයන-අපනයන ක්‍රියාවලිය සහ මැදපෙරදිග යුද්ධ තත්ත්වය පිළිබඳව සම්පූර්ණ අවධානය යොමු විය.
රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහාත්, ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති හිඟතාවන් පියවීම සඳහාත් සිය රටේ සහය ලබාදෙන බව ප්‍රකාශ කළේය. අප්‍රේල් සහ මැයි මාසවලට අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමටත්, ගල් අඟුරු සැපයීමටත් රුසියාව සූදානම් බවද ඔහු තහවුරු කළේය.
ඉන්ධන නිදහස් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට රුසියානු සමාගම් සහ ලංකා ඛණිජ තෙල් සංස්ථාව අතර ගිවිසුම් මගින් අවශ්‍ය පහසුකම් සපයන බවද සඳහන් විය. ගෙවීම් ක්‍රමවේදය පිළිබඳවද දෙපාර්ශ්ව එකඟතාවයකට පැමිණි බව වාර්තා වේ.
මෙම අවස්ථාවේදී රුසියානු රාජ්‍යය ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ව්‍යාපෘති සඳහා අඛණ්ඩ සහය ලබාදෙන බවත්, අර්බුද ඇතිවුවත් නැතත් ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ඇතුළු බලශක්ති ප්‍රභවයන් ලබාදීමට සූදානම් බවත් ප්‍රකාශ විය.
මෙම සාකච්ඡාවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ බලශක්ති සැපයුම සහතික කිරීමට නව මාවතක් විවෘත වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙති.





