ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනිය වන සිරි වෝල්ට්( Siri Walt ) මහත්මිය හා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා අතර හමුවක් 18.06.2025 දින පර්ලිමේන්තු සංකිර්ණයේ අමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරුණි. 2026 වර්ෂය වන විට ශ්‍රී ලංකා – ස්විස්ටර්ලන්ත රාජතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් පිරිම නිමිත්තෙන්, තවදුරටත් එම සබඳතා ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින් ශ්‍රී ලාංකේය දේශපාලනඥයන් පිරිසකට ස්විස්ටර්ලන්ත දේශපාලන ක්‍රමය පිළිබඳ අධ්‍යන චාරිකාවකට ඇරයුම් කිරීම එම හමුවේ අරමුණ විය. ශ්‍රී ලංකා – ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ලෙස අමාත්‍ය ආචාර උපාලි පන්නිලගේ මහතා එම දූත පිරිසේ නායකත්වය ඉසිලීමට නියමිතය. මෙම අවස්ථාවට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් ජස්ටින් බොයිලට් (Justine Boillat) මහත්මිය හා අමාත්‍යංශ නිළධාරීහු පිරිසක් එක්වසිටියහ.
