අමාත්‍ය වසන්ත සමරසිංහ.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියාසිටියේ, රණවිරු දඩයම් සිදුවී නැති අතර එබැවින් විපක්ෂය අසත්‍ය චෝදනා කරමින් ජනතාව වැරදි තොරතුරු වලට ගොදුරු කරවන බවයි.
වසර 30ක පැවති යුද්ධයයෙන් උතුරේ මෙන්ම දකුණේ ද මිනිසුන් මිය ගිය බවත්, තවදුරටත් එවැනි යුද්ධයක් ඇති නොවීමට රටේ දේශපාලනය මෙන්ම, ගිලිහී ගිය මනුස්සකම සහ සහෝදරත්වය ගොඩනැගීමට ජාතික ජන බලවේග ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.





