2025 ජුනි 12 වනදා සිට ක්‍රියාත්මක වන නව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඔබ සැමට දැනුවත් කිරීමක් සිදුකරන්නෙමු.
මෙම ගාස්තු සංශෝධනය සඳහා විදුලිබල මණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබූ අතර, එය පළාත් 09ක් ආවරණය වන පරිදි මහජන අදහස් විමසීමක් හරහා සමාජයෙන් අදහස් ලබාගනිමින් සලකා බැලිනි. සියලුම කරුණු සලකා බලා, පවතින රෙගුලාසි වලට යටත්ව අපගේ කොමිෂන් සභාව විසින් තීරණයක් ගන්නා ලදී.ඒ අනුව, 2025 ජුනි 12 සිට විදුලි ගාස්තු සමස්තයක් ලෙස සියයට 15කින් (15%) ඉහළ දැමීමට තීරණය කර ඇත.නමුත්, මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ, 2024 වර්ෂය සමඟ සාපේක්ෂව බැලූ විට, මෙම සංශෝධනයෙන් පසුවද ලංකාවේ විදුලි ගාස්තු තවමත් සීයට 8කින් පහල මට්ටමක පවතින බවයි.අති දරුණු ආර්ථික පීඩනයෙන් පෙලෙන ජන කොට්ඨාශවල ජීවන තත්ත්වය සලකා බැලීම අපගේ ප්‍රමුඛතාවය වන අතර, ඒ නිසා මෙම තීරණය ඉතාම සංවේදී ලෙස, අවශ්‍ය සියලු පියවරයන් අනුගමනය කරමින් ගනු ලැබීය.
අප විශ්වාස කරන්නේ මෙම සංශෝධනය සාධාරණ සහ අවශ්‍ය තීරණයක් බවයි.
වැඩිදුර විස්තර සඳහා>>>>>>>