වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකරට එල්ල වූ වෙඩි ප්‍රහාරයයෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජන බලවේගයෙන් තරග වැද එහි සභාපතිධූරයට පත්වු ලසන්ත වික්‍රමසේකරගේ හිසට සහ ගෙලට සිදුවූ වෙඩි ප්‍රහාරවලින් බරපතළ ලෙස සිදුවූ තුවාල හේතුවෙන් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සභාපතිවරයාගේ නිල කාමරය තුළට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.






