වලපනේ ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට ජාතික ජන බලවේගය අද (30) සමත් වුණා.
සභාපති තේරීම සඳහා පැවති විවෘත ඡන්දයේ දී එම ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ ධම්මික නලින් දේශප්‍රිය පත්වූ අතර, ඔහු ඡන්ද 34 කින් ලබා ගත්තා.
සමගි ජන බලවේගයෙන් තරග කල ලක්ෂාන් රන්දික ලබාගත්තේ ඡන්ද 29ක් පමණයි.
මේ අතර, වලපනේ ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයා වශයෙන් ඡන්ද 34 ක් ලබාගත් පොදුජන එත්සත් පෙරමුණේ සුනිල් කුමාරසිංහ තේරි පත්වුණා.
