ඉරානය, ඊශ්‍රායෙල්, ඇමරිකාව සහ අරාබි රටවල් සම්බන්ධයෙන් ඇතිවූ යුධමය තත්ත්වයන්ගෙන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට බලපෑම් සිදු වී ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන ලද්දේ මේ හේතුවෙන් තේ වෙළඳපොළේ අලවිය අඩුවීමත්, ගොවියන්ට ලැබෙන මිල අඩුවීමත් වාර්තා වී ඇති බවයි.

එසේම කුඩා හා මධ්‍යම පරිමාණ ගොවියන්, වැවලි සමාගම් සහ කර්මාන්තශාලා හිමියන්ට රජය සහය දෙන බවත්, මේ තත්ත්වය රජයේ පරිපාලන දුර්වලකමක් නොව ලෝකයේ හදිසි තත්ත්වයන්ගෙන් ඇතිවූ බලපෑමක් බවත් ඔහු අවධාරණය කළේය.

රජය නිරන්තරයෙන් තේ කර්මාන්තය ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත් එහි වගකීම ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නැරඹිය හැකිය.