රුසියාවේ ‘ගැමලේයා’ පර්යේෂණ ආයතනය විසින් නිපදවා එරට පිළිකා රෝගීන්ගේ භාවිතය සඳහා ලබා දී ඇති එම්.ආර්.එන්.ඒ. (mRNA) වර්ගයේ පිළිකා නාශක එන්නත මේ වනවිට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරමින් තිබේ. රුසියන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මෙම පර්යේෂණායතනය මේ බව නිල වශයෙන් තහවුරු කර ඇත.
මෙම එන්නතේ සියලු මාත්‍රා නිසි පරිදි ලබාගත් පළමු පිළිකා රෝගියා ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ගැමලේයා පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ඇලෙක්සැන්ඩර් ගින්ට්ස්බර්ග් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. ප්‍රතිකාර අවසන් වී මාස හතරක් පමණ ගත වීමෙන් පසු අදාළ රෝගියා සී.ටී. ස්කෑන් පරීක්ෂණ කිහිපයකට යොමු කර ඇති අතර, එම පරීක්ෂණවලදී සිරුරේ වසා ගැටිති ඇතුළු කිසිදු නව පිළිකා ලක්ෂණයක් හමු වී නැත. කෙසේ වෙතත්, එම රෝගියා ඉදිරි වසර තුනක කාලයක් දැඩි වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙනස් කර ශක්තිමත් කිරීම මඟින් ස්වභාවිකව පිළිකා තත්ත්වය අඩපණ කිරීම මෙම එන්නතේ ක්‍රමවේදය වේ. පිළිකා වර්ග සහ පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණය අනුව මෙම එන්නත අවශ්‍ය පරිදි වෙනස් කරමින් නිපදවීමට හැකියාව පවතින බව රුසියන් විද්‍යාඥයෝ පෙන්වා දෙති.




