අගමැති හරිනි අමරසූරිය.

ජලය අපේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යාවශ්‍යම දෙයකි. එයිනුත් පිරිසිදු ජලය කියන්නේ අපේ ජීවිතයේ නිරෝගීකම පවත්වාගෙන යෑමට අත්‍යාවශ්‍ය දෙයකි. රුවන්වැල්ල ප්‍රදේශයේ ව්‍යාපෘතියේ පළවෙනි අදියර තමයි ඔබේ ජීවිතය පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය වන පිරිසිඳු ජලය ලබාදීමේ කොටස අද සම්පූර්ණ කරලා තියෙන්නේ. මට ලැබුණු තොරතුරු අනුව මේ අදියරෙන් මිනිස්සු 7000කට පමණ දැනටමත් ප්‍රතිලාභ ලබන අතර ඉදිරියේදී 36 000ක ප්‍රමාණයකට පියවරෙන් පියවරට මේ ව්‍යාපෘතිය හරහා ලබාදීමට අපිට පුළුවන් කම ලැබෙනවා. ඒ නිසා මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ අද දින ඔබට පිරිමන මේ ව්‍යාපෘතිය රැකගන්නත් ජලය කියන අති ඉතාමත්ම වටිනා සම්පත ආරක්ෂා කරගන්නත් අපි සියලු දෙනා එකතු විය යුතුයි සහ මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙච්ච සියලුම අයට මගේ ස්තූතිය පල කරනවා.

වැඩිදුර විස්තර සඳහා>>>>>>>