අමාත්ය බිමල් රත්නායක.
අමාත්ය බිමල් රත්නායක පැවසූවේ, ලංකාවේ අභ්යන්තර අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිවෙකුට දේශීයව හෝ විදේශීයව මැදිහත්විය නොහැකි බවයි.
නමුත් රනිල් වික්රමසිංහ අත්අඩංගුවට ගැනීම පිළිබඳව විදේශීය පුද්ගලයන් දෙදෙනෙක් විසින් නිවේදන නිකුත් කර ඇති බව ඔහු සඳහන් කළේය.
ඒ අතරින් එක් අයෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වැඩ තහනමකට ලක් වූ එරික් සෝල්හයිම් වන අතර, අනෙක් අය ඉන්දියානු දේශපාලනඥයෙකි.
මේවා ගණන් ගන්නා අවශ්යතාවක් නොමැති බවද, රනිල්ට සිටින්නේ ඔහුගේ වර්ගයේම පිරිසක් බවද අමාත්යවරයා අවධාරණය කළා.





