ජනපති අනුර කුමාර දිසානායක.

මේ නව පුනරුද හැරවුම ගන්න දේශපාලන අධිකාරිය ඇති කරන මහා වෙනස්කම් විතරක් ප්‍රමාණවත් වන්නේ නැහැ. උතුරේ අම්මා තාත්තා තමන්ගේ මිය ගිය දරුවා සොයා ඡායාරූපයක් අල්ලගෙන පාරේ ඉන්නකොට අපිට දැනෙන්න ඕන සහකම්පනයම තමා, දකුණේ අම්මා තාත්තා තමන්ගේ දරුවා හොයාගෙන රණවිරු ස්මාරකය ඉදිරිපිට නම් හොයමින් සිටියදී, අපට දැනෙන්න ඕනේ. අපිට අවශ්‍ය මානව සංහතිය පිළිබඳව නව සාකම්පනයක් ඇති වන සමාජයක් මිස, එකිනෙකාට එරෙහිව වෛරය කෝපය ක්‍රෝධය වපුරන සමාජයක් නොවෙයි. ප්‍රේමය ආදරය කරුණාව මෛත්‍රිය මේ සියල්ල පදනම් කරගත්තු නව සමාජයක් අපිට අවශ්‍ය. ඒ නිසා මා හිතනවා මේ වැඩ කොටසේදී අපේ හාමුදුරුවන් වහන්සේලාට විශාල කාර්යභාරයක් පැවරෙනවා මේ සමාජය යළි සුවපත් කරන අධ්‍යාත්මකින් පෝෂණය කළ යුතුයි.

වැඩිදුර විස්තර සඳහා>>>>>>>