රුවන් ගාල්ලගේ – පහතරට වතු කම්කරුවන්ගේ සංගමය

අපි පැහැදිලිව කියනවා දැනට මේ වතු කම්කරුවාට මධ්‍යම පරිමාණ ඉඩම් හිමියාගෙන් කුඩා තේ වතු හිමියාගෙන් ගැටලුවක් වෙලා නැහැ ඒ කම්කරුවාගේ කම්කරු ශ්‍රමය සම්බන්ධයෙන්.

මහා පරිමාණ වතු හිමියෝ තමයි මේ ඒගොල්ලොන්ගේ සංගමයක් පිහිටගෙන ඒගොල්ලො තමයි මේකට කේවල් කරන්නේ ශ්‍රමය සූරාගෙන කන ගමන්.

ඔවුන්ගේ වත්කම් ප්‍රකාශන තත්ත්වයන් හරියට රටට හෙළි කළොත් ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු, එංගලන්තේ නිවාස, ඔය වගේ මහා පරිමාණ ධනස්කන්ධ තියෙන්නේ. එහෙම තියෙද්දී තේ වලින් සහ රබර් වලින් වෙනත් වැවිලි ආර්ථික බෝග වලින් ලාභය වැඩි කරගන්න ඒගොල්ලෝ උපයෝගී කරගන්නේ දුක් විඳින කම්කරුවාගේ ශ්‍රමය ද?

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>