කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් විසින් දුරකථනයෙන් කළ බව කියන තර්ජනය සම්බන්ධයෙන් සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඊට හේතුව ලෙස, කැබිනට් මාධ්‍ය හමුවේදී එම ප්‍රකාශය පිළිබඳව විමසා බැලූ විට කැබිනට් ප්‍රකාශකවරයා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නැයි කියා තිබුණ බවත්, ඒ අනුව තමන් පැමිණිල්ල ලබාදුන් බවත් ඔහු කියාසිටියා.
අමතරව, විදුලි සේවකයින්ගෙන් රු. 500 බැගින් ලක්ෂ 32 ක් රංජන් ජයලාල්ට එකතු කර කාර් රථයක් ලබාදුන් බවත් ඔහු චෝදනා කළා.
නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට ඉඩ දෙන ආණ්ඩුවක් ලෙස ක්‍රියා කරන ලෙසත් ආනන්ද පාලිත අවධාරණය කළා.





