පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන.
මම මගේ දේශපාලන ජීවිතයේ හැමදාම අභියෝග භාරගත්තු කෙනෙක්. බාරගත්තු අභියෝග ජයග්‍රහණය කරපු කෙනෙක්. අවුරුදු විස්ස, තිහ, හතළිහ පාර්ලිමේන්තුවේ හිටපු අයව ගෙදර යවන වෙලාවේ රෝහිත අබේගුණවර්ධනට පුළුවන් වුණා මඩ, අවලාද මැද කළුතර මිනිස්සුන්ගේ ආදරෙත් එක්ක පාර්ලිමේන්තුවට යන්න. කළුතර මිනිස්සු රෝහිතට ආදරෙයි එක පෙන්නලා තියෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට මම මගේ ගෞරවය ස්තුතිය හදවතින්ම පුද කරනවා මේ ලබා දීපු ඓතිහාසික ජයග්‍රහණයට. මම පාර්ලිමේන්තුවේ හැමදාම හිටපු කෙනෙක්, හැබැයි මේක නම් ඓතිහාසිකම ජයග්‍රහණයක් ඒකට මම කළුතර ජනතාවට, මගේ කෘතවේදීභාවය, මගේ ගෞරවය මම හදවතින් පුද කරනවා. මගේ මාධ්‍ය සහෘදයන්ට, මාධ්‍ය ආයතන වලට හැමදාම මං හරි ආදරෙයි. ඒ අයටත් මගේ ගෞරවය, ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන තම ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>