ජ.වී.පෙ.ලේකම් ටිල්වීන් සිල්වා

මාලිමාව දිනවන්න නම් වෙනම ආණ්ඩුවක් හැදීමට අවශ්‍යයි, මේ තියෙන ආණ්ඩුව හා ජනාධිපති වෙනුවට නව ආණ්ඩුවක් පත්කිරීමට අවශ්‍යයි.

අපේ රටේ ජාතික පුනරුදයක් ඇති කරන්න ඕනේ. ජාතික පුනරුදයක් කියන්නේ නැවත පිබිදීමක් . නැවත නැගිටීමක් හදාගන්න ඕනේ. ඒ නිසා මේක ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරලා කරන්න පුළුවන් තරමේ සරල ප්‍රශ්නයක් නෙවෙයි. අනුර සහෝදරයා කිව්වා වගේ අපි කවුරුත් එකතු වෙලා රටේ හොද ආර්ථිකයක් හදන්න ඕන.

රටේ ආර්ථිකය හදන්න සමස්ත ජනයා සම්බන්ධ කරගන්න ඕන. කොළඹ සංවර්ධනය වෙනකොට මොණරාගලත් සංවර්ධනය වෙන්න ඕනා. රටේ සෑම තැනක්ම සංවර්ධනය වීමට අවශ්‍යයි. අන්න එහෙම සංවර්ධිත රටක් හදන එක තමයි අපේ බලාපොරොත්තුව. අපි ශක්තිමත් ආර්ථිකයක් හදනවා. ඒ ආර්ථිකය හදන්න අපි කවුරුත් දායක වෙනවා.

ජ.වී.පෙ. ලේකම් ටිල්වීන් සිල්වා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>