ගැරඬිඇල්ල බස් අනතුරට හේතුව වූයේ රියදුරුට අධික තෙහෙට්ටුවෙන් ඇතිවූ නිදිමත ස්වභාවය බව සොයා බැලීමෙන් අනාවරණය වී ඇතැයි අනතුරු පරීක්ෂණ කමිටු සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි. බස්රථයේ කිසිදු තාක්ෂණික දෝෂයක් හෝ රියදුරු මත්ද්‍රව්‍ය භාවිතයක්, හෘදයාබාධයක් නොතිබූ බව විශේෂඥ පරීක්ෂණ මගින් තහවුරු වී ඇත. බස් රථයේ සහ රියදුරුගේ සේවා වේලාව අධිකව තිබූ අතර, නිසි විවේකය ලබා නොදී දිගු ගමන් කිරීම අනතුරට හේතු වී ඇති බවත්, නීතිමය අවසරයක් නොලැබී ගමන් කිරීම නිසා ජාතික ගමනාගමන මණ්ඩලයට එරෙහිව නඩු පැවරීමට නිර්දේශ කර ඇති බවත් ඔහු පවසයි. තවත් හේතු ලෙස, අනතුර සිදුවූ ස්ථානයේ ආරක්ෂිත යකඩ වැට හා මාර්ග ආලෝකකරණය නොතිබීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියටද නඩු පැවරීමට නිර්දේශ කර ඇත.