පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් අද (29) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

2008 වර්ෂයට අදාළව, ඔහුට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු දෙකකට සහභාගී නොවීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

තම සේවාදායකයා ඉඩම් බෙදාදීමේ ජාතික වැඩසටහනට සහභාගී වී සිටින බැවින් අද දින අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව ජගත් මනුවර්ණ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා විසින් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබෙනවා.