ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක.

වෘත්තිය සමිතිවලට තම සාමාජිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකරන්න අයිතියක් ඇත. ආණ්ඩුවක් වශයෙන් අපිත් සේවක සුභසාධනයට වැඩි අවධානයක් යොමු කරන ආණ්ඩුවක්. ජනාධිපතිතුමන් මුදල් අමාත්‍යවරයා ලෙස වැටුප් වැඩි කිරීමක් සිදු කළේත් ආර්ථික තත්ත්වය, මිල ඉහළ යාම සහ ජනතා දුෂ්කරතාවය හඳුනාගෙනය.
අපි වෘත්තිය අයිතිවාසිකම්වලට සහය වන නමුත්, සමහර දේවල් පරිපාලන ක්‍රමවේද අනුව සිදු විය යුතුය. බඳවා ගැනීම්, විභාග, අවසර ආදිය රාජ්‍ය සේවා කොමිසම මඟින් ක්‍රියාත්මක විය යුතුය. වෘත්තිය සමිති ව්‍යාපෘති වෙනුවෙන් කලින් ආණ්ඩුවලින් මුදල් කොපමණ වෙන් කලත් ඒවා කඩිනම් නොවීමේ හේතුව සැලසුම් හා කාර්යක්ෂමතාවයේ අඩුවකි.
අපි ජනතාව වෙනුවෙන් ක්‍රියාකරන ආණ්ඩුවක්. ඒ නිසා වෘත්තිය සමිතිවලට කියන්නේ, ප්‍රශ්න පවතින නමුත් ඒවා විසඳාගැනීමට අපත් සමග එක්ව කටයුතුකරන්න. හදිසි ක්‍රියාමාර්ග වලින් ජනතාවට අපහසුතාවයට පත් නොකරන්න.

වැඩිදුර විස්තර සඳහා>>>>>>>>>>>