ජාතික ජන බලවේගයට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති කේ.ජී. ප්‍රේමදාස සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබෙනවා.

සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන බලන්ගොඩ නගර සභාවේ මාසික රැස්වීම ආරම්භ වූ අතර, සභාපතිවරයා සාමාන්‍ය පරිදි සභාව පවත්වාගෙන ගොස් ඇත. අනතුරුව පස්වරුවේ සභාපතිවරයාගේ කතාව න්‍යාය පත්‍රයේ අවසන් අංගය වූ අතර, එහිදී සිය කතාව පවත්වමින් සභාපතිවරයා පැවසුවේ තමා පෞද්ගලික හේතු මත සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බවය.