ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ පයින් බැරන්ස් වනාන්තර ප්‍රදේශයේ බයිසිකලයකින් ගමන් කරමින් සිටි ටොඩ් ටොෆම්ට, මාවත දිගේ ඇවිද යන විශාල එමූ පක්ෂියකු දැකගත හැකි විය. ඔහු එම දර්ශන සමාජ මාධ්‍යයට එක් කළ පසු පක්ෂියාගේ හිමිකරු ද ඊට ප්‍රතිචාර දක්වා තිබේ.

‘ස්වීට් පී’ නමින් හඳුන්වන මෙම පක්ෂියා වනාන්තරය ආසන්නයේ පිහිටි පෞද්ගලික ඉඩමකින් පැන ගොස් ඇත. නොවැම්බර් 12 වැනිදා පළ වූ වාර්තාව අනුව, ප්‍රාන්ත උද්‍යාන පොලිසිය පක්ෂියා සිටින ස්ථානය හඳුනාගෙන තිබුණද ඒ වන විට ඌ අල්ලා ගැනීමට හැකි වී තිබුණේ නැත. ඕස්ට්‍රේලියාවට ආවේණික, පියාසර කළ නොහැකි මෙම පක්ෂියා දුටුවහොත් ඌ වෙත ළං වීමෙන් හෝ පසුපස හඹා යාමෙන් වළකින ලෙස බලධාරීහු ජනතාවට දැනුම් දී තිබේ.