පොලිසියෙන් දඩ පත්‍රිකා නිකුත් කරන රියදුරන් හට, එම ස්ථානයේදීම තම ජංගම දුරකථනයෙන් දඩ මුදල ගෙවා, පෙර මෙන් රියදුරු බලපත්‍රය පොලිසිය භාරයේ තැබීමෙන් තොරව තම ගමන යාමේ හැකියාව GovPay හරහා සැලසී තිබෙනවා.

මෙම ක්‍රමය බස්නාහිර පළාත තුළ මේ වන විටත් ක්‍රියාත්මකව ඇති අතර දෙසැම්බර් 31 වනදා වන විට පොලිස් ස්ථානීය දඩ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි පොලීසිය ප්‍රකාශ කර සිටියේ.

ශ්‍රී ලංකා පොලිසිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA සහ LankaPay යන ආයතන එක්ව මෙම හඳුන්වාදුන් GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව කටයුතු කරයි.