අක්මීමන දයාරතන හිමි.

දෙහිවල බෞද්ධ විහාරස්ථානයේ වසරෙන් වසර වෙසක් පෝයදා පවත්වනු ලබන සම්බුද්ධත්ව ජයන්ති මහා පෙරහැර සඳහා පොලිසිය ආරක්ෂාවත්, පෙර ගමන් වාහනයක්ද (මොබයිල් කාර්) පිරිනමයි. මෙය වසර ගණනාවක් පුරා පැවැත් වූ පාරම්පරික සහ නීතිමය ක්‍රියාවලියක් වන අතර, ඒ සඳහා විශේෂ අවසරයක අවශ්‍යතාවක් තිබී නැත. නව චක්‍රලේකනයක් යටතේ මෙවර වාහනය ලබා ගැනීමට ගෙවීමක් අය කිරීම අසාධාරණ ක්‍රියාවක් වන අතර, එය පෞද්ගලික ක්‍රියාවක් නොවන නිසා ගෙවීම අය කිරීම නීතිවිරෝධී බවද පෙනී යයි. මෙය බුද්ධාගමට විරුද්ධ ආකාරයක ක්‍රියාවක් වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගම ආරක්ෂා කිරීමට වගකීම් පවතින බවත්, බෞද්ධ ජනතාවගේ සහ භික්ෂූන් වහන්සේලාගේ අයිතිවාසිකම් පරිකෂා කරන තීරණවලින් වලකින්නැයි පොලිස්පතිවරයාට ද ඒගැන මතක් කරයි. බෞද්ධ රටක මෙවැනි ආචාර විධි, ශාසනික කලා සංස්කෘතිය ආරක්ෂා කිරීමට ආණ්ඩුවක් වශයෙන් මිට වඩා සහය විය යුතුය.

වැඩිදුර විස්තර සඳහා>>>>>>>