චීනය සිය ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් සහ තවත් නාවික කණ්ඩායම් යොදාගෙන බටහිර පැසිෆික් කලාපයේ අභ්‍යාස පවත්වන බව තායිවාන ආරක්ෂක අමාත්‍ය වෙලින්ටන් කූ නොවැම්බර් 10 වැනිදා පැවසීය.
තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය සතියේදී දූපත අවට චීන හමුදා ගුවන් යානා ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බව වාර්තා කර තිබිණි. නව ප්‍රකාශය සම්බන්ධයෙන් Reuters කළ විමසීමට චීන ආරක්ෂක අමාත්‍යාංශය ඒ මොහොතේ ප්‍රතිචාර දක්වා නොතිබිණි.
එම නෞකාවේ බටහිර පැසිෆික් පුහුණුව වාර්ෂික වැඩසටහනක කොටසක් බව චීනය පසුගිය මාසයේදී ප්‍රකාශ කර තිබේ.
මෙම වාර්තා පළවන්නේ ලබන සතියේ චීනයේ ෂෙන්ජෙන් නුවර පැවැත්වෙන APEC සමුළුවට පෙරය. එහිදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං යළි හමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.




