නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය ස්මාට් පුවරු (Smart Board) අධ්‍යාපන අමාත්‍යංශය මගින් පාසල් වෙත බෙදා දීම ආරම්භ කර ඇති අතර ඒ සඳහා පාසල් මට්ටමින් දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වහා නවත්වන ලෙසත්,ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
1-5 වසරට තොරතුරු තාක්ෂණය කියලා වෙනම විෂයක් ඉගැන්වීම සිදු නොකරන බවත් නමුත් ගෝලීය තාක්ෂණික ලෝකය සමග ඉදිරියට යාමට එක් එක් වයස් කාණ්ඩ වලට ගැලපෙන ලෙස තාක්ෂණික අවබෝධය ලබා දීමට විද්වත් උපදෙස් මත සංවාදයක් ආරම්භ කර ඇති බවත් පැවසීය.
එසේම විෂයමාලා පිලිබඳ දේශපාලන තීන්දු නොගන්නා බව මෙන්ම එම තීරණ ඒ විෂය පිලිබඳ විද්වතුන් විසින් ගන්නා බවත් මෙහිදී එතුමිය ප්‍රකාශ කරන ලදී.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>





