පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ දැන් තීරණාත්මක අවසාන අදියරකට ළඟා වී ඇති බවයි.

ඉතා ඉක්මනින් රට හමුවේ සත්‍යය එළිදරව් කිරීමට හැකි වනු ඇතැයි මාධ්‍යට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ, මේ වනවිට හිටපු බුද්ධංශ ප්‍රධාන සුරේෂ් මහතා අත්අඩංගුවට ගෙන ඇති අතර, එමගින් සම්බන්ධ පුද්ගලයන් අතර කලබලයක් ඇතිවී ඇති බවයි.

පරීක්ෂණය නිරත වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාමත් දැඩිව මෙය සිදුකරමින් සිටින බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ඉදිරියේදී ප්‍රහාරය පිටිපසු තිබූ “මහ මොලකරු” හඳුනාගැනීම සහ අධිකරණය හමුවේ නීතියේ දඬුවම් ලබාදීම අනිවාර්ය වනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

“කලබල වෙන්න එපා, තවත් පොඩි දවසක් ගතවූ විට සත්‍යය ජනතාවට එළිදරව් වනු ඇත” මන්ත්‍රී අසිත නිරෝෂණ තම කතාව අවසන් කළේ එසේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>