සුනිල් හදුන්නෙත්ති.

ලංකා අශෝක් ආයතනය අපේ කර්මාන්ත අමාත්‍යංශය යටතේ තියෙන ලංකා ලේලන්ඩ් ආයතනයේම සහයක ඒකාබද්ධ සමාගමක්. ඉතින් ඒක නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් හැටියට මේ ආයතනය පවත්වාගෙන යන එකේ තියෙන වැදගත්කම සීයට සීයක්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන වාහන නිසා. ඒ වගේම මේ වාහන වල සමහර උපාංග කොටස් කීපයක් පමණක් ඉන්දියාවෙන් ගෙනල්ලා විශාල ප්‍රමාණයක් ලංකාවේ සකස් කරපු නිෂ්පාදන තියෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා පාසල් හැම එකටම බස්රථ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී කර්මාන්ත අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධ වෙලා සාකච්ඡා කරලා එවැනි අඩු පහසුකම් සහිත පාසල් වලට ඉතාම අඩු මුදලකට, එහෙම නැත්නම් රජයේ පරිත්‍යාගයක් හැටියට එවැනි දෙයක් කරන්න.
ඒක නිසා ආනයනය කරන වාහන වල ගුණත්වය වගේම සහිත වාහන නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනවා. සමහර මේ විශාල වාහන දැක්කොත් එහෙම මේවා හුඟක් අය හිතන්නේ පිටරටින් ගෙන්නපු වාහන කියලා. නමුත් මේ ලංකාවෙම හදපුවා. රටේ ජනතාවට වාහන අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නත් අපි අමාත්‍යංශය හැටියට ඉදිරියේදී ලොකු වැඩපිළිවෙලක් සාකච්ඡා කරමින් තියෙනවා.

වැඩිදුර විස්තර සඳහා>>>>>>>