ඇමති හර්ශන නානායක්කාර.

ඊයේ දිනයේදී ඉතාමත් කණගාටුදායක කාරණයක් අධිකරණ අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරන ලදි. එතුමා පැවසුවේ, ‘මාලිමා රජයක් නොතිබුණහොත් මහින්දානන්දට මේ දඬුවම ලැබෙනවාද?’ යන්නයි. මෙය ඉතා බරපතල ප්‍රකාශයකි. මම දකින්නේ, එතුමා අධිකරණ අමාත්‍යවරයා ලෙස ප්‍රායෝගිකව නීතිපීඨයේ පළපුරුද්දක් ඇති ජ්‍යේෂ්ඨ නීතිඥයෙකි. කෙසේ වෙතත්, මෙවැනි ප්‍රකාශන රටේ අධිකරණය ලබා දෙන තීන්දුවලට විරෝධීව, ඒවා හෙළා දැමීමක් ලෙසින් අපි බලනවා. මෙය ගරු විනිසුරුවරුන්ට කරන අගෞරවයකි. එසේම රජය විසින් අධිකරණ තීන්දුවක් මෙලෙස ජනතාව ඉදිරියේ ප්‍රශ්න කිරීම, අධිකරණයට එල්ල වන අපහසක් ලෙසින්ද අපි දකින්නෙමු. මේ රටට ස්වාධීන අධිකරණ පද්ධතියක් තිබේ. එම නිසා, අමාත්‍යවරුන් තමන්ගේ දේශපාලන අරමුණු සඳහා අධිකරණ තීන්දු තීරණ දේශපාලනීකරණය කිරීමෙන් වළකින්නැයි අප අවධාරණය කරමු.

වැඩිදුර විස්තර සඳහා>>>>>>>