ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශය 2027 වසර තුළ දියත් කිරීමට බලාපොරොත්තු වන සංවර්ධන සැලසුම් මුදල් අමාත්‍යංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ පටිපාටියට අනුව නිවැරදිවත් කඩිනම්වත් සකස්විය යුතු ආකාරය පිළිබද අදහස් හුවමාරු කරගැනීමේ සාකච්ඡාවක් පැවැත්විණි.

ඒ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 16 වනදා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදීය.

මෙහිදී ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ප්‍රකාශ කරන ලද්දේ මෙතෙක් සෑම වසරකම ජුනි මාසයේදී ආරම්භ වන මෙම සාකච්ඡා මාලාව වසරේ මුල් කාර්තුවේදී ආරම්භ කළ බවත්, අමාත්‍යංශ බහුතරයක සාකච්ඡා අවසන් කර ඇති බවත් එමඟින් ඉදිරි වසර සඳහා සංවර්ධන ව්‍යාපෘති නිවැරදිව තක්සේරු කිරීමටත්, ව්‍යාපෘති සඳහා ඵලදායීව මැදිහත් වීමටත් සැලසුම් දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙන බවත්ය.

මෙම අවස්තාවට අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂවරු සහ සභාපතිවරු ඇතුළු නිළධාරීන් එක්ව සිටියහ.