පසුගිය 05 වැනිදා උදෑසන, එගොඩ උයන දුම්රිය මාර්ගය අසලින් ගමන් කළ අනුර සමන්ත ප්‍රනාන්දු, දුම්රිය පීල්ලේ කැඩී ඇති ස්ථානයක් දැක ඇති අතර, එවිට කඩිනමින් ක්‍රියාත්මක වූ ඔහු ඇඳුමක් වනමින් දුම්රිය එන පෙරමගට දිව ගොස් තිබුණි.
සිදුවන්නට ගිය දුම්රිය අනතුර වළක්වා ගැනීමට කටයුතු කළ ඔහුව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට කැඳවා, ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඇගයීමට ලක්කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.


