නුවන් බෝපෙගේ

ජනාධිපතිතුමා ඉන්දියාවට ගියා. අත්සන් කරපු ගිවිසුම් සහ වූ එකගතා මොනවද කියන එක තාම කියලා නෑ. පසුව ජනාධිපතිවරයාම ප්‍රකාශයක් කරනවා ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි අපිට වැඩියි. ඒ තෙල් ටැංකි ප්‍රමාණය ඉන්දියාවට දෙනවා කියලා. ඔන්න ඉන්දියාවත් එක්ක ආපු එකඟතාවයන් ව්‍යංගයෙන් කියනවා. ඒ ජනාධිපතිතුමා තමයි විපක්ෂයේ ඉන්නකොට, රනිල් වික්‍රමසිංහලා මේවා විකුණන්න යද්දී බරපතල ලෙස විරුද්ධ වුණ, මේවා මේවා රැකගන්න ඕනේ කියලා ප්‍රකාශ කරපු ජනාධිපති. දැන් ඔහු ජනාධිපති වුණාට පස්සේ ඔහුට ඒ තමුන් විරුද්ධ වූ දේවල්ම සාධාරණීකරණය කරලා ඒවා ඉන්දියාවට දෙනවා කියන්න වෙලා තියෙනවා.

ඊට පස්සේ ජනාධිපතිවරයා චීනෙට ගිහින් වුනු එකගතාවයන් කියන්නේ නෑ. නමුත් චීනයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී පැහැදිලිව කියනවා එක් මාවතක් කියන චීන වැඩපිළිවෙලට ශ්‍රී ලංකාවඑකඟ වුණා කියලා. ජනාධිපතිවරයා ලංකාවට ආවට පස්සේ ඔන්න ප්‍රකාශයට පත්වෙනවා හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා සමාගමට දෙනවා කියලා.

නුවන් බෝපෙගේ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>