ඩළස් අලහප්පෙරුම.
පාර්ලිමේන්තුවේ හිටපු අනුර දිසානායකයි අද ජනාධිපති අනුර දිසානායකයි කියන්නේ දෙන්නෙක්. මෑතකදී රටේ පළමු පුරවැසියා ගරු ජනාධිපති විදියට අනුර දිසානායක මැතිතුමා මාධ්‍යට අනතුරු ඇඟවීමක් කරා. ඇතැම් මාධ්‍ය අලුත් වස්ත්‍ර ඇඳගත යුතුයි කියලා තර්ජනයක් ඔහු කරා. ඊළඟට මාධ්‍ය විෂයභාර ඇමති විජිත හේරත් මැතිතුමා කිව්වා මේ ඇතැම් මාධ්‍ය වල් බූරු නිදහසක් පාවිච්චි කරනවා ඒක නතර කරගන්න ඕනේ කියලා. මාධ්‍ය නිදහස යනු මාධ්යවේදීන්ගෙත්, මේ රටේ පුරවැසියන්ගෙත් තොරතුරු දැනගැනීම සඳහා තිබෙන යුක්ති සහගත අයිතියයි.
මාධ්‍ය නිදහස වෙනුවෙන් විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක මැතිතුමා ඇතුළු කණ්ඩායම දැඩිව කතා කරා. හැබැයි බලයට පැමිණීමෙන් අනතුරුව මේ ආකාරයට මාධ්‍යට ඇඟිල්ල දික් කිරීම මං හිතන්නේ සදාචාරාත්මක නැහැ.
මාධ්‍ය ඇතුලේ වැඩියෙන්ම අපහාසයට පාත්‍ර වෙච්ච, වැඩියෙන්ම විවේචනයට ලක් වෙච්ච, වැඩියෙන්ම මඩ කාපු කෙනා සජිත් ප්‍රේමදාස මැතිතුමා. හැබැයි ඔහු කිසි විටෙක මාධ්‍යට එරෙහිව ඔහු කතා කරලා නැහැ.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>