ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (06) පැමිණ තිබෙනවා.

ඒ අනුව බහාලුම් 323 මුදාහැරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට අදාළව ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.