තායිවානයට නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ චීනයේ ක්‍රියාකාරකම් කලාපීය ස්ථාවරත්වයට සහ ජාත්‍යන්තර නාවික ගමනාගමනයේ ආරක්ෂාවට තර්ජනයක් බව G7 රටවල විදේශ අමාත්‍යවරු පවසති. පැරිස් නුවර පැවති දෙදින හමුවෙන් පසු නොවැම්බර් 11 වැනිදා නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයක මේ බව සඳහන් වේ.

බලය හෝ බලපෑම් යොදා තායිවාන සමුද්‍ර සන්ධියේ පවතින තත්ත්වය ඒකපාර්ශ්විකව වෙනස් කිරීමට ගන්නා උත්සාහවලට විරුද්ධ බව G7 අමාත්‍යවරු ප්‍රකාශ කළහ. තායිවානය එම ප්‍රකාශය පිළිගෙන තිබේ.

චීනය තායිවානය තම භූමියේ කොටසක් ලෙස සලකන අතර, තායිවාන පාලනය එම හිමිකම් ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි. ජුනි මාසයේ සිට තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් චීන වෙරළාරක්ෂක මුර සංචාර වැඩි වී ඇති බව රොයිටර්ස් වාර්තා කරයි.