‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ’ පනත් කෙටුම්පතට අදාළ සංශෝධන කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කළ පසු එය සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක ජගත් වික්‍රමරත්න මහතා නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවකු තවදුරටත් අත්අඩංගුවේ තබා ගැනීමට අවසර දීමේදී අදාළ පොලිස් නිලධාරියාගේ ඉල්ලීම සහ මහේස්ත්‍රාත්වරයා ලිඛිතව හේතු දැක්වීම ඇතුළත් වන පරිදි වගන්තියක් සංශෝධනය කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වේ. කෙටුම්පත යටතේ නිකුත් කරන විධායක නියෝග අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි ආකාරය පැහැදිලි කරන සංශෝධනයක් ද යෝජනා කර තිබේ.


