අද (06) පාර්ලිමේන්තුවේදී ඕස්ට්‍රේලියාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ගෙවීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභා (COPF) වාර්තාව විවාදයට ගැනීමේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අදහස් පළ කළේය.
වාර්තාව ඉදිරිපත් කළ කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ කාර්යය අගය කළ අමාත්‍යවරයා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයේ වෙනත් උසස් තනතුරු භාර ගැනීම අලුත් දෙයක් නොවන බව පැවසීය.
එහිදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සමයේ සිදු වූ බව කියන මූල්‍ය ගනුදෙනු සහ මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව ද ඔහු විවේචනාත්මක අදහස් පළ කළ අතර,
එම සිද්ධීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම සඳහා ස්වාධීන අධිකරණ පද්ධතියක් අවශ්‍ය බව අවධාරණය කළ අමාත්‍යවරයා, දූෂණයට එරෙහිව රජය ගෙන යන ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.





