රාජ්‍ය නිලධාරීන් අතර කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාවට නංවා ඇති “AI for Transforming Public Service” පුහුණු වැඩමුළුවක් උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී පැවත්වා තිබෙනවා.
ඩිජිටල්කරණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය තුළින් රාජ්‍ය අංශයේ නව්‍යකරණය සහ ප්‍රතිසංස්කරණය, මහජන සේවා කාර්යක්ෂම කිරීම, ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්ති සදහා සූදානම් කිරීම, රාජ්‍ය නිලධාරීන්ගේ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ සාක්ෂරතාව වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීහු සම්පත් දායකයෝ ලෙස එක්ව සිටියහ.
උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසන් යන මහත්ම මහත්මීහු, උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, පළාත් අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීහු සහ උතුරු පළාතේ රාජ්‍ය ආයතනවල විධායක නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී විය.





