ලොව වැඩිම විද්‍යුත් වාහන (EV) අලෙවි කරන සමාගම ලෙස, ඇමරිකාවේ Tesla සමාගම අභිබවා යාමට චීනයේ BYD සමාගම සමත්ව තිබෙනවා.

2025 වසරේදී BYD සමාගම බැටරි මගින් ක්‍රියා කරන විද්‍යුත් වාහන මිලියන 2.26 ක් අලෙවි කර ඇති අතර, එය පෙර වසට සාපේක්ෂව 28% ක වර්ධනයක් වේ.

විශේෂයෙන්ම එක්සත් රාජධානිය (UK) තුළ BYD අලෙවිය 880% කින් ඉහළ ගොස් ඇත.

එම කාලය තුළ Tesla සමාගම අලෙවි කර ඇත්තේ වාහන මිලියන 1.64 ක් වන අතර, Tesla සමාගමේ වාර්ෂික අලෙවිය 2024 වසරට සාපේක්ෂව 9% කින් පමණ පහත වැටී ඇත.

BYD සමාගම ඉතා අඩු මිලට වාහන වෙළඳපොළට හඳුන්වාදීම සහ ලතින් ඇමරිකාව, ගිනිකොනදිග ආසියාව සහ යුරෝපය වැනි කලාපවලට වේගයෙන් ව්‍යාප්ත වීම නිසා ඔවුන්ට මෙම ජයග්‍රහණය හිමිව ඇත.