ආරක්ෂිත, නිසි බල හුවමාරුවක් කළ හැකි කාලයක් ලැබෙන තුරු එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව පාලනය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
අද දිනයේ අමෙරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් යන දෙදෙනාම අත්අඩංගුවට ගෙන ගුවන් මඟින් වෙනිසියුලාවෙන් පිටතට රැගෙන යාමට කටයුතු කර තිබුණා.
වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ ඔහුගේ බිරිඳට මත්ද්‍රව්‍ය සහ අපරාධ චෝදනා එල්ල වී ඇති බවට අමෙරිකාව සඳහන් කර සිටිනවා.





