ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය මංජුලා විතානපතිරණ තාවකාලිකව සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයකට නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ලෙස දැක්වෙන හැඳින්වීමක් එක්වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් වන තෙක් ඇය මෙලෙස සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

අදාළ තීරණය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත.