පා .ම .පාඨලී චම්පික රණවක

ජනාදිපතිතුමා ජාතිය ඇමතීමෙන් අපට පෙනී ගියේ අපේ ණයවල ප්‍රමාණය කප්පාදු කිරීමක් සිද්ධ වෙලා නැති බව. රටට ලැබුන එකම දේ තමයි ගෙවීමට අපට දීලා තිබිච්ච කාලවකවානුව වෙනස් වෙනවා දිග් ගැහෙනවා. ඒ අනුව වර්ෂයකට ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ අනුව යම් සහනයක් වර්ෂයකට අපට ලැබෙනවා.

ඉතින් මේ වගේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියක් සිද්ධ කළත්, නිසි ආකාරයෙන් ආර්ථිකය වර්ධනයක් අපිට නොතිබ්බොත් , රුපියල් වලින් ණය ගෙවන්න පුළුවන් විදිහේ ශක්තිමත් ආර්ථික වර්ධනයක් අපිට ගොඩනඟා ගන්න බැරිවූනොත්, 2028 දී ආපහු අපිට 2022 දෙකේ තත්වය උදා වෙන්න පුළුවන්.

දැන් රජයේ ඊළඟ වගකීම විය යුත්තේ මේ සුභ ආරංචිය ඇත්ත සුභ ආරංචියක් කරගන්න නම්, මේ පුද්ගලික ණය හිමියන් සමඟත් හැකි එක්මනින් මේ ඉදිරි කෙටි කාලය තුළ එකඟතාවයකට ඇවිල්ලා මේ රට යම්කිසි ආකාරයකට ස්ථාවර කිරීමයි.

පා .ම .පාඨලී චම්පික රණවක මධ්‍ය හමුවේ දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>